දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු බොහෝ විට රෝගියා ගේ බාහිර රූපාලංකාරයට බලපෑම් ඇති
කරයි. මේ හේතුවෙන් එවැනි අනතුරක් ඇතැම් අයට විඳ දරාගත නොහැකි වේදනාකාරී
අත්දැකීමක් විය හැකි ය. දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු දරුවන් අතර ඉතා සුලබ ය.
මෙවැනි අනතුරුවලට අද සමාජයේ මූලික හේතු වශයෙන් ක්‍රීඩා කටයුතු, අඬදබර, වැටීම් හා
පෙරැළීම්, මාර්ග අනතුරු මෙන්ම රැකියාවේ දී සිදු වන අනතුරු ගෙනහැර දැක්‌විය හැකි ය.
දත් හා මුහුණ සම්බන්ධ අනතුරු හේතුවෙන් මූලික වශයෙන් පහත සඳහන් ආබාධයන් එකක් හෝ
කීපයකට යමකු භාජන වීමට ඉඩ ඇත.
දත් එකක් හෝ කීපයක් ගැලවී යැම
දත්වල පිහිටීමේ වෙනස් වීමක්-දත ඉදිරියට, පිටුපසට, දෙපැත්තට තල්ලු වීම මෙන්ම හනුව
තුළට හෝ හනුවෙන් ඉවතට යැම මේ යටතේ සැලකිය හැකි ය.
දත් බුරුල් වීම, දන්ත මූලය බිඳී යැම, දන්ත මස්‌තකය බිඳී යැම, දන්ත අස්‌ථිය හෝ හනු
අස්‌ථිය බිඳී යැම, හනුක සන්ධියට සිදු වන ආබාධයන්, දිව, තොල, තල්ල, විදුරුමස්
ශ්ලේෂ්මල පටලය වැනි මෘදු පටකවලට සිදු වන සීරීම්, කැපීම්, තැලීම් වැනි හානි.
මිනිසා තම ජීවිත කාලය තුළ කිරි දත් හා ස්‌ථිර දත් යනුවෙන් දත් දෙවර්ගයකට හිමිකම්
කියන අතර එම ජාති දෙකට සිදු වන අනතුරු නිසා වන ආබාධ හා බැඳුණු ප්‍රතිකාර ක්‍රම