Sunday, September 11, 2011

අප්පුහාමි


අප්පුහාමි සිල්වා දක්ෂ සංගීතඥයෙකි. දිනක් ඔහුට විදේශ රටක උත්සවයක් ඇමතීමට එන ලෙස ආරාධනා ලිපියක් ලැබුණි. ඒ ලෝක සංගීතඥයන්ගේ උත්සවයකටයි. ඔහු මහත් සතුටට පත්විය. නමුත් ඔහුට එක් ගැටලුවක් තිබිණි. ඒ ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා අඩු වීමයි. එහෙත් කෙසේ හෝ කථා කිරීමට සිතා අදාල දිනයේදී උත්සවය පැවැත්වෙන රටට ගියේය.

රටවල් නියෝජනය කරමින් සංගීතඥයන් මෙන්ම ප්‍රභූන්ද එහි සිටියෝය. මුලින්ම කථාව තිබුණේ අප්පුහාමිටය. නිවේදකයා
ඉංග්‍රීසියෙන් මෙසේ කීවේය.
"Now we warmly invite Mr. Appuhami Silva to address the audience."

ඇඩ්‍රස් යනුවෙන් නිවෙදකයා කීවේ තමාගේ ලිපිනය සභාවට ප්‍රකාශ කරන්න යැයි සිතූ ඔහු ඉදිරියට පැමිණ " Appuhami Silva, No. 12, Wakkada Paara, Aanamaduwa, Sri Lanka." යැයි කීවේය.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...