Wednesday, February 25, 2015

ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ....

PDF කියන්නේ අපි බහුලවම භාවිතා කරන File වර්ගයක්.. අපිට පරිඝණකයේ වැඩ කරද්දි ඕනම වෙන දෙයක් තමයි යම්කිසි File එකක් PDF කරගන්න එක, එහෙම කරන ක්‍රම ගොඩක් තියෙනවා, Online කරගන්නත් පුළුවන්, ඒත් මම කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් ගැන,
එහෙනම් බලමු, 
මේකේ නම CutePDF

මෙතනින් බාගන්න් පුළුවන්..

https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTasBG3PuBzpUVLYCXzgubtnivVmUxO35Fj61mwjmtY9fylSSRa

මේක Zip File එක ඇතුලේ තියෙන Converter සහ Cutewriter කියන file දෙක Install කරන්න විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඒක අපේ Printer ඇතුලේ Printer එකක් විදියට Install වෙනවා.. 
අපිට කරන්න තියෙන්නේ අපිට ඕන Word File එකක් PDF කරන්න නම් Print කරන විදියට ගිහිල්ලා CutePDFWriter කියන Printer එක Select කරලා දෙන එක.. 
ඊට පස්සේ Save කරන Menu එකක් එනවා.. කැමති නමක් දීලා Save කරන්න..

එච්චරයි..
මේ ලිපියෙන් වැඩක් උනානම් යාලුවොත් එක්ක බෙදා ගන්න..
ජය වේවා!