Wednesday, April 01, 2015

Team Viewer වලට නියම විකල්පය..


ඔයාලා ගොඩදෙනෙක් ජීවිතේට එක පාරක් හරි Team Viewer පාවිච්චි කරල ඇති.. ඒ කාට හරි උදව්වක් කරන්න හරි, කාගෙන් හරි උදව්වක් ලබා ගන්න හරි, IT Field එකේ ඉන්න අයටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්, විශේෂයෙන් පෞද්ගලිකව මට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා මගේ රැකියාව කරද්දි..

නමුත් Team Viewer එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ තමා මේක අපි දිගටම පාවිච්චි කරනකොට අපිව limit කරනවා.. ඒ කියන්නේ විනාඩි 5න් වගේ disconnect කරනවා.. අනික මට ආපු ප්‍රශන්යක් තමයි සමහර වෙලාවට connect වෙන්න ටිකක් විතර අමාරු වීම.. අනික තමයි එහා පැත්තෙන් අපිට password එක එවනකම්ම අපිට ලොග් වෙන්න බැරි වීම.. අපි ලොග් වෙන හැම පාරකදීම අපිට අලුතෙන් password එකක් ඕන වීම..

මට ඕක ලොකු ප්‍රශන්යක් වෙලා තිබ්බේ.. මම හොයාගත්තා ඕකට හොඳ විසඳුමක්.. ඒක තමයි Ammyy Admin... මේක ඔයාලා කලින් අහලත් ඇති අහලා නැතුවත් ඇති.. මම කියන්නම් මේකේ වාසි ටිකක්, මේක හරිම පොඩි Software කෑල්ලක්, රැම් ගන්නේ හරිම ටිකයි, අනික අපි එක පාරක් වෙන කම්පියුටරේකට ලොග් උනාම එයා ඒකේ Remember කියන එක Tick කරාම අපිට දිගටම ලොග් වෙන්න පුළුවන්.. අනික මාර Speed වැඩ කරනවා.. අපිට අපි නිතර ලොග් වෙන IP Save කරලා තියාගන්නත් පුළුවන්, 

මේක මටනම් මාරම වටිනවා මොකද මට හැම වෙලේම අපේ අනිත් Location වල Servers වලට ලොග් වෙන්න ඕන නිසා.. එහෙනම් කට්ටියට වැඩක් උනා කියලා හිතනවා.. 


මෙතනින් බාගන්න පුළුවන් ඕන අයට..

 

එහෙනම් අපි ගියා.. ජයවේවා..

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...