Monday, December 12, 2011

හොඳ දේට පරක්කු වෙන්න එපා.. අදම කරන්න


මහාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා.

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර