Tuesday, March 20, 2012

බැදීම් කෙතරම් චමත්කාරද?


ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"

තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්