රඹුටන් වාරය පැමිණ ඇති බවට සාක්ෂි වෙයි. එනම් මඟ දෙපස රඹුටන් වෙළෙඳුන්ගෙන්
අඩුවක් නොවෙයි.
රඹුටන් වාරයත් සමඟ අපේ මතකයට නැගෙන්නේ මල්වානේය. එයට හේතුව මල්වාන රඹුටන්වලට ප්‍රසිද්ධියක් ඉසිලීම යි.
රඹුටන් වාරයත් සමඟ උගුරේ ආසාදන, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග බොහෝමයක් ඇති වන්නට පටන් ගන්න බව අපි දනිමු. රඹුටන්වල ඇති උෂ්ණ ගතිය නිසාවෙන්, එවැනි රෝග පැතිරී යන බව වැඩිහිටියෝ පවසති.
එහෙත්, වරද රඹුටන් කෑම නොවේ. රඹුටන් කන ක්‍රමයයි.
රඹුටන් කෑමේදී කටින් ලෙල්ල කඩා කෑම බොහෝ දෙනාගේ සිරිත වී තිබේ. බොහෝ දෙනා නොව සියල්ලෝම එසේ යෑයි පැවසීම ද වරදක් නොවේ.
රඹුටන් ලෙල්ල කටින් කැඩීමේදී රඹුටන් ලෙල්ලේ ඇති විෂබීජ, නොයෙකුත් බැක්ටීරියා වර්ග කෙළිsන්ම මුඛයට ඇතුළු වන බව පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් විසිනි.
එවැනි විෂබීජ, බැක්ටීරියා වර්ග උගුරේ තැන්පත් වීමෙන් උගුරේ ආසාදන හටගනී. සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස වැනි රෝග ඇති වෙන්නට පටන් ගනී.
රඹුටන් රස කෑමකි. රඹුටන් කාලයට එමගින් දිවි සරු කර ගන්න පිරිසෙහි ද අඩුවක් නොවෙයි. ඒ අතර කාන්තා පක්ෂය බහුලව සිටී.
ඒ නිසාම ඔවුන්ගේ දිවිය මදකට හෝ සරු කර ගන්නට රඹුටන් ටිකක් මිලදී ගැනීම ඔවුන්ට ශක්තියකි.
එහෙත්, ආහාරයට ගත යුත්තේ ප්‍රවේශමිනි.
රඹුටන් ලෙල්ල අතින් කඩා ආහාරයට ගැනීම තුළ කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බව පෙන්වා දෙන වෛද්‍ය ක්ෂේත්රය තුළ සිටින දැන උගත් පිරිස එලෙසින් පවසන්නේ කරුණු කාරණා දන්නා නිසාවෙනි.
රඹුටන් කෑමට ගැනීමේදී එලෙස සැළකිලිමත් වෙනවා සේම, කුඩා දරුවන්ට රඹුටන් කෑමට දීමේදී මදය සහිත ඇටය හිරවීමට හැකි නිසා ඒ පිළිබදව ඔබේ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව අමතක නොකළ යුතු තත්ත්වයකි.
මව්වරුන් වශයෙන් ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුත්තේ, රඹුටන් මදය සහිත ඇටය සිරවී මේ මෑතකදීත් දරුවකු මෙළොවින් සමුගත් පුවතක් අසන්නට ලැබුණු නිසාවෙනි.
රඹුටන්, ඇටයෙන් මදය වෙන්කර දරුවන්ට එය ලබා දීමේ හැකියාව ඇති බව අමතක නොකළ යුතු දෙයකි.

No comments:
Post a Comment
මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...