Sunday, September 11, 2011

ගිරවා සහ රිලවා


දිනක් පාසලක විදුහල්පතිතුමා පන්තියකට හදිසියේ පැමිණියේය. පැමිණ මෙසේ කීවේය.

"ළමයි අද ඕගොල්ලන්ගෙ ටීචර් එන්නෙ නෑ. ඒක නිසා මම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. ඔගොල්ලන්ගෙන් ඕන කෙනෙක්ට ඇවිල්ලා තමන් දන්න ඕනම කතාවක් කියන්න පුලුවන්. කවුරුහරි ඉස්සරහට ඇවිල්ලා කතාවක් කියන්න බලන්න"

එහෙත් විදුහල්පතිතුමාට ඇති බය නිසාම ළමුන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මේ වෙලාවේ පන්තියේ දඩබ්බරයාවූ සිරිපාල ඉදිරියට පැමිණ සර් මට පුලුවන් කතාවක් කියන්න යැයි කීවේය. විදුහල්පතිතුමාද සතුටුවී එහෙනම් හොද පුතා වගේ කතාව කියන්න බලන්න අපිට ඇහෙන්න යැයි කීවේය. එතැන් පටන් සිදුවූ දේ මෙසේය.

සිරිපාල - ඔන්න එකමත් එක රටක ගිරවෙකුයි රිලවෙකුයි හිටියා. ඒ දෙන්නා හරිම යාලුකමින් හිටියෙ.........

විදුහල්පති - අන්න බලන්න දරුවනේ සත්ව කොට්ටාස 2ක වෙලත් දෙන්නගෙ යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවයි රිලවයි වගේ යාලුකමින් සමගියෙන් ඉන්න ඕනෙ. ඉතින් සිරිපාල පුතා කතාව කියන්නකො.


සිරිපාල - ඒ ගිරවා නම් හරිම කඩිසරයි. වැහි කාලෙට සූදානම් වෙන්න කඩිමුඩියෙ ගෙයක් හදනවා.......

විදුහල්පති - අන්න දැක්කද පුතාලා තියෙන කඩිසරකම. පුතාලාත් ඒ ගිරවා වගේ කඩිසරව වැඩ කරන්න ඕනේ. කම්මැලි වෙන්න එපා. ඉතින් පුතා ඊට පස්සෙ මොකද වුණේ.

සිරිපාල - එත් අර රිලවා නම් හරිම කමිමැලියි. වැහි කාලෙ කියලා මොකුත් කරන්නෙ නැතුව දවසම නිදා ගන්නවා.......

විදුහල්පති - අන්න බලන්න කම්මැලිකම. ඔය ළමයිනම් ඒ රිලවා වගේ වෙන්න එපා... ඉතින් පුතා කතාව කියන්නකො.

සිරිපාල - ගිරවා මේක දැකලා රිලවා තමන්ගෙ යාලුවා හින්දා රිලවට කිවුවා අනේ යාලුවේ ඔයා මෙහෙම කම්මැලි කමට හිටියොත් වැස්ස කාලෙට තෙමෙන්නයි වෙන්නෙ. ඒක නිසා මම වගේ ගෙයක් හදන්න මහන්සි වෙන්න කියලා.....

විදුහල්පති - අන්න බලන්න දරුවනේ. ඒකට තමයි කියන්නෙ නියම යාලුකම කියලා. තම‍න්ගෙ යාලුවා අමාරුවේ වැටෙන්න යනකොට බේර ගන්න එක තමයි නියම යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවා වගේ තමන්ගෙ යාලුවන්ට උදව් කරන්න ඕනෙ. සිරිපාල පුතා කියන්නෙ හැමෝටම ආදර්ශවත් කතාවක්. ඉතින් හොද පුතා වගේ ඉතුරු ටිකත් කියන්නකො. අපිට මේ කතාවෙන් සෑහෙන ආදර්ශ ගත්තැකි.

සිරිපාල - ඉතින් ගිරවාගෙ කතාව අහපු කම්මැලි රිලවාට තරහා ගිහින් අඩෝ වල් ගිරවා.... තෝ කවුද යකෝ මට උපදෙස් දෙන්න... තොගේ*/*&^#...... දෙන්නෙ වල් බූරු ගිරවා....... තෝව .....මට ...... අල්ලලා ගහනවා දැනගනින් ගොන් ගිරවා............


විදුහල්පතිතුමා වහා පන්තියෙන් අතුරුදහන් විය.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...