Thursday, November 24, 2011

ෆෝන් එක චාජරෙන් ගලවන්න අමතක වෙනවද?


ඔයාලා හැමෝම වගේ ජංගම දුරකථන පාවිච්චි කරනවනේ.. ඉතිං ඕක පාවිච්චි කරන්න නිකං බැහැනේ.. චාජ් කරන්නත් එපායැ.. ඉතිං අපි ඕක චාජ් එකට ගැහුවම අපිට ඕක වෙලාවට ගලවන්න අමතක වෙනවා.. ඒකෙන් කරදර ගොඩක් වෙනවා.. එකක් තමයි විදුලි බිල වැඩි වීම.. අනෙක තමයි අවශ්‍ය ප්‍රමානයට වඩා චාජ් වීමෙන් දුරකථනයේ බැටරියේ ආයුකාලයට ඇතිවන බලපෑම.. ඔන්න අපිට ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා Eco Charger v1.2 එකෙන්.. මේකෙන් ෆෝන් එක චාජ් වෙලා ඉවර උනාම එලාම් එකක් වදින්න හදන්න පුළුවන්.. මේක Sign කරපු Application එකක් නිසා Hack කරපු නැති ෆෝන් වලත් වැඩ.. මේක වැඩකරන්නේ  Symbian S60v5 දුරකථන වලට විතරයි.. 


Sunday, November 20, 2011

Ferrari මෝටර් සයිකලය

Ferrari කිව්වම අපි අහලා තියෙන්නේ කාර් ගැනනේ.. ඔන්න දැන් මෝටර් බයිසිකලුත් ඇවිල්ලා..

Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌


අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්‌නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ හෙළි කර තිබේ. ස්‌නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්‌නිපර් කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.
රුසියානු අභ්‍යවකාශ කොමිසමේ ජෝර්ඡ් ජයාකෙට්‌ පවසන්නේ අඟහරු මත දුම්රිය ස්‌ථානයක්‌ ඇති බවට ස්‌නිපර් කළ ප්‍රකාශය සත්‍ය බවයි.

Saturday, November 12, 2011

නිම් නැති දරු පෙම

 "මට මගේ දරුවා බලන්න පුලුවන් ද?"

අලුතෙන් මව් පදවිය ලැබූ තරුණ අම්මා ආසාවෙන් ඇහුවා. හෙදියක් පැමින රෙදි වලින් ඔතා තිබූ දරුවා ඇය අතට දුන් අතර තරුණ මව ඉතා ආශාවෙන් රෙදි කඩ අයින් කලේ අලුත ඉපදුන තමන්ගේ කුලුදුල් දරුවාගේ මුහුණ බැලීමටයි.
නමුත් දරුවාගේ මුහුණ දුටු ඇයට වේදනාවෙන් කෑ ගැසුනා...අසල සිටි වෛද්‍යවරයා කිසිත් නොකී අතර ඔහු අසල වූ ජනේලයෙන් හිස් අහස දෙස බලාගෙන සිටියා.දරුවාට උපතින්ම බාහිර කන් දෙකක් පිහිටා තිබුනේ නෑ!!!

කාළය ගත වීමේදී දරුවාගේ කන් ඇසීමේ දුර්වලතාවයක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂ වූ නමුත් කන් දෙක පිහිටා නොමැති නිසා දරුවාගේ මද විරූපී ගතියක් පෙනුනා. බොහෝ දින වල පාසල් අවසන් වී නිවසට ආ පසු මවගේ තුරුලට යන දරුවා ඔහුට පාසලේ අනෙක් දරුවන් ගෙන් විදින්නට සිදු වන නොයෙකුත් අඩන්තේට්ටම් මවට පවසමින් හැඩුවා.

Friday, November 11, 2011

වඳුරගේ උතුම් ගතිය


මේ රූපයෙන් ඔබ දකින දේ ඔබට පැහැදිලිව වැටහෙනවද? 
මේ පුද්ගලයන් දෙදෙනා බැංගලෝරයේ යම්කිසි පූජනීය ස්ථානයකට පැමින පසුව ආහාර ගැනීමෙන් අනතුරුව අත් සෝදා ගැනීමට පැමිනි අවස්ථාවක්.. 
වඳුරා යනු මිනිසාට බොහෝ සමාන කම් ඇති, ඒ හා සමාන

Thursday, November 10, 2011

කොලොම්තොටෙන් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්. වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට් තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්” කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාට කියන්නේ

හැමදාම හඬන සිත - රොමේෂ් සුගතපාල

රොමේෂ් සුගතපාල ගායනා කරන අලුත්ම ගීතය තමයි මේක.. දිගු දෑස ගීතයෙන් පස්සේ ඔහුගේ ජනප්‍රියත්වයට පත් වෙමින් යන්නේ මේ ගීතය.. ඉතාම හැඟුම්බර ගීතයක්.. බලන්නකෝ අහලා.. ඔන්න මම පද පේලි ටිකත් දැම්මා..

Windows 8 Stunning Wallpapers

Download windows 8 high definition, high resolution wallpapers pack 2 including 10 stunning wallpapers.




Tuesday, November 08, 2011

100+ Windows 7 Themes

මෙන්න තියෙනවා Windows 7 පාවිච්චි කරන අය වෙනුවෙන් ගෙනාවා Themes Collection එකක්.. 100කට අධික ප්‍රමානයක් Themes තියෙනවා.. මෙගා බයිට් 3කටත් අඩු ප්‍රමානයක File 1k තියෙන්නේ.. බාගෙන බලන්නකෝ ලස්සනද කියලා.. හොඳ නම් ඉතින් Comment එකක් දාලා යන්න අමතක කරන්නෙපා.. ජය වේවා!


USB Port වලට Password දාමු

 අපේ පරිඝනකයේ තියෙන දත්ත තව කෙනෙකුට ලබාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? උත්තරය තමයි USB මාර්ගයෙන්.. ඒකියන්නේ Pen එකක් හරි Memory Card එකක් හරි ගහලා දත්ත ලබා ගන්න පුළුවන්..

මේක සාමාන්‍යයෙන් වෙන්නේ අපේ පරිඝනකය කීපදෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව තියෙන කොට.. කාර්යාල වලදි, සමහර විට නිවසේදි වුනත් මේ දේ වෙන්න පුළුවන්..ඉතිං අද කියලා දෙන්නේ මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්.. එහෙමනං ඔන්න බලාගන්න..

MyUSBOnly මේක තමයි භාණ්ඩේ.. මේකෙන් USB Ports Password යොදා ආරක්ෂා කරන්නත්, USB Ports Disable කරන්නත් පුළුවන්..

මේකෙන් තව වාසියක් තියෙනවා, අපි දන්නේ නැහැ අපි නැති අතරේ ගහන  PenMemory, Card වල මොන Virus තියෙනවද කියලා.. ඉතිං ඒවට හානියක් කරන්න ලැබෙන්නෙත් නැහැ මේ ක්‍රමෙන්.. අපිට ඕන

තාත්තලගේ ආදරය

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.
හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...

මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

Monday, November 07, 2011

ඇඬෙන කතාවක්

ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.

"මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.

වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.

මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා

Saturday, November 05, 2011

දමිත් සහ පාප් වහන්සේ


ඔන්න අද කියන්න යන්නේ මම අඳුරන මල්ලි කෙනෙක් මට කියපු කතාවක්.. මේකෙ නියම රසය තියෙන්නේ කියන කොට.. කියවන කොට ටිකක් රසය අඩු වෙයිද මංදා.. ඒත් හිතින් මවාගෙන කියවන්නකෝ.. එහෙනම් මෙන්න කතාව..

ඔන්න යාලුවෝ දෙන්නෙක් බාර් එකකට ගියා සෙට් වෙන්න.. එක්කෙනෙක් අමල්, අනිත් එක්කෙනා දමිත්.. ඔන්න දමිත් අමල්ට මෙහෙම කියනවා 
"මචං දැන් අපේ ටේබල් එකට සර්ව් කරන්න එන වේටර් මම අඳුරනවා.. කීයක් ඔට්ටුද?" 
අමලුත් කම්මැලි කමට කිව්වා 
" හරි රු.100ක් ඔට්ටුයි" කියලා, 
ඔන්න එහෙම කියන කොටම වේටර් කෙනෙක් එනවා 
"කොහොමද දමිත් මහත්තයා, ගොඩ දවසකින් දැක්කෙ කියලා" ඔන්න ඉතිං අමල් ඔට්ටුව පරාදයි.. මූණත් ඇඹුල් කරගෙන 100ක් දමිත්ට දුන්නා.. දැන් සෙට් වෙන ගමන් ආයේ දමිත් කියනවා 
"බාර් එකේ දොරෙන් ඊලඟට ඇතුලට එන කෙනා මම අඳුරනවා, කීයක් ඔට්ටුද?" කියලා.. 

නවරත්න මුද්ද


මම මෙහිදි නවරත්න මුද්ද මතෘකා කොට ගත්තේ සියල්ලටම පොදුවේ භාවිත කර හැකි නිසාය.තවද එක් එක් ග‍්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග‍්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ ග‍්‍රහයන්ගේ විවධ කිරන ශක්තින් කොටසක් ඇත.නවරත්න වලදි සිදුවන්නේ සියලු කිරන ශක්තින් එක වර අද්දා ගැනිමක් සහ සෘන ශක්තින් කපා දැමිමක් ය.ඔබ මුද්දක් සදවා ගන්නේ නම් එය නිවැරිදව සකස්කර ගන්න.

~නවරත්න~

නවරත්න යනු රත්න නවයකින් සමන්විත මුද්දක්.එක් එක් මැණික් ගල් වලට වෙන්වු දිශාවන් ද,ග‍්‍රහයන් ද ඇත.

Tuesday, November 01, 2011

Safely Remove Hardware Device Shortcut එකක් හදමු

USB එක ගැන Computer පාවිච්චි කරන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒ වගේ ම ඒකට සම්බන්ධ කරන දේවල්  ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. 
අපි අද කතා කරන්න යන්නේ USB වලට සම්බන්ධ කරන Pen Drives, Memory card Readers වල දත්ත (data) වල ආරක්ෂාවට කරන්න ඕන දෙයක් ගැන.. අපි Pen Drives, Memory card Readers Computer එකට සම්බන්ධ කරලා කරන්නෙ දත්ත (data) හුවමාරු කරන එක.. ඒකියන්නේ එක්කො ගන්නවා එක්කො දෙනවා.. 
ඉතිං ඔහොම කරලා අපි එක පාරටම Pen Drives, Memory card Readers USB Port එකෙන් ගලවලා ගත්තොත් මොකද වෙන්නෙ? අපේ දත්ත වලට හානි  (Data Corrupt) වෙන්න පුළුවන්. ඒක නිසයි හැම වෙලේම Safely Remove කරන්න ඕන.. 
ඒත් ගොඩක් අයට ඕක අමතක වෙනවා.. ඉතිං Safely Remove එක Shortcut එකක් විධියට desktop එකේ දාගෙන හිටියනම් වැඩෙත් ලේසියි, අමතක වෙන්නෙත් නැහැ.. 
එහෙනම් බලමු කොහොමද ඒක කරන්නෙ කියලා..