Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌


අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්‌නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ හෙළි කර තිබේ. ස්‌නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්‌නිපර් කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.
රුසියානු අභ්‍යවකාශ කොමිසමේ ජෝර්ඡ් ජයාකෙට්‌ පවසන්නේ අඟහරු මත දුම්රිය ස්‌ථානයක්‌ ඇති බවට ස්‌නිපර් කළ ප්‍රකාශය සත්‍ය බවයි.


ජෝශප් ස්‌නිපර් දක්‌වන අන්දමට විශාල ආවාටයේ සිට සැතපුම් 1000 ක්‌ දුරින් දුම්රිය මාර්ගය විහිදී ඇත.
මේ ආවාටය ඛනිජ වස්‌තුවලින් පිරි ස්‌ථානයක්‌ යෑයි ඔහු තවදුරටත් කියා සිටී. අපට වඩා දියුණු පිරිසක්‌ අඟහරු ග්‍රහයා මතුවිට සිටින බව මින් පැහැදිලි යෑයි ස්‌නිපර් කියා සිටියේය.
ස්‌නිපර්ගේ මේ හෙළිදරව්ව සමග අඟහරු ග්‍රහයා තුළ පිටසක්‌වල ජීවීන් සිටින බවට සැකකෙරේ. මෙයට වසර ගණනකට පෙර ඇපලෝ යානාව සඳ මතට පා තැබූ අවස්‌ථාවේ විශාල ආගාධයක සිටි ජීවීන් පිරිසක්‌ තමා දුටු බව එක්‌ ගගනගාමියකු පවසනු ලැබීය.
එහෙත් එම ප්‍රකාශයට නාසා පාලක මැදිරිය විසින් බාධා කර ඇතැයි පසුව හෙළි විය. මේ පසුබිම යටතේ අඟහරු ග්‍රහයා සම්බන්ධ වූ පරීක්‍ෂණ වැඩිදියුණු කර ඇත.
ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" නමැති චන්ද්‍රිකාව සහ ඊට අනුබද්ධව ගොඩබැස්‌විය හැකි යානාවන් යෑවීමට සැලසුම් කර ඇත්තේ මේ තොරතුරු නිසාය.

7 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...