Tuesday, November 01, 2011

Safely Remove Hardware Device Shortcut එකක් හදමු

USB එක ගැන Computer පාවිච්චි කරන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒ වගේ ම ඒකට සම්බන්ධ කරන දේවල්  ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. 
අපි අද කතා කරන්න යන්නේ USB වලට සම්බන්ධ කරන Pen Drives, Memory card Readers වල දත්ත (data) වල ආරක්ෂාවට කරන්න ඕන දෙයක් ගැන.. අපි Pen Drives, Memory card Readers Computer එකට සම්බන්ධ කරලා කරන්නෙ දත්ත (data) හුවමාරු කරන එක.. ඒකියන්නේ එක්කො ගන්නවා එක්කො දෙනවා.. 
ඉතිං ඔහොම කරලා අපි එක පාරටම Pen Drives, Memory card Readers USB Port එකෙන් ගලවලා ගත්තොත් මොකද වෙන්නෙ? අපේ දත්ත වලට හානි  (Data Corrupt) වෙන්න පුළුවන්. ඒක නිසයි හැම වෙලේම Safely Remove කරන්න ඕන.. 
ඒත් ගොඩක් අයට ඕක අමතක වෙනවා.. ඉතිං Safely Remove එක Shortcut එකක් විධියට desktop එකේ දාගෙන හිටියනම් වැඩෙත් ලේසියි, අමතක වෙන්නෙත් නැහැ.. 
එහෙනම් බලමු කොහොමද ඒක කරන්නෙ කියලා..


Desktop එකේ Right click කරලා New Click කරලා Shortcut Click කරන්න. 


පහත රතු පාටින් තියෙන එක අකුරු browse කියන තැන Copy/Paste කරන්න. 

RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll

Next කරන්න. 


දැන් නමක් දෙන්න කියලා කියනවා.. කැමති නමක් දෙන්න. මම දෙන්නේ Safety Remove USB කියලා. දැන් Finish කරන්න.

දැන් Desktop එකේ තියෙන Shortcut එක ඔබලා කරදරයක් නැතුව Safely Remove කරගන්න පුළුවන්.


No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...