Saturday, October 15, 2011

ලොව මිලෙන් අඩුම ටැබ්ලට් පරිගණකය ඉන්දියාවෙන්


ලොව මිල අඩුම ස්පර්ශ සංවේදී ටැබ්ල්ට් පරිගණක යන්ත්‍රය නිපදවීමට ඉන්දීය තාක්ෂණික ආයතනය හා බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩේටාවින්ඩ් සමාගම සමත්ව ඇත. ’ආකාශ්’ ලෙස නම් කොට ඇති මෙම පරිගණකයේ මිල ඇමෙරිකානු ඩොලර් 35ක් පමණි.
මෙම පරිගණකය ඉන්දියාවේ ගම්මාන හා කුඩා නගර වල සිසුසිසුවියන් හට ඩිජිටල් ලොවට අවතීර්ණ වීමට අවස්ථාව සලසා දීම සඳහා යොදාගන්නා බව නවදිල්ලියේ දී පැවති එළිදැක්වීමේ උත්සවයේදී ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යය කපිල්සීබල් විසින් පවසා ඇත.

එහිදී මෙවැනි ටැබ්ලට් පරිගණක 500ක් සිසුන් අතර බෙදාදීම ද සිදු කරන ලදී. ඉදිරියේදී මෙවැනි පරිගණක 100,000ක් මිලදී ගැනීමට ඉන්දීය රජය අදහස් කරන බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙවැනි පරිගණක මිලියන 10ක් සිසුන් අතර බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.
උපුටා ගැනීමකි.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...