Saturday, October 15, 2011

ලොව කුඩාම ඩිජිටල් කැමරාව

ඇඟිලි තුඩ මත තැබිය හැකි තරම් ක්ෂුද්‍ර පරිමාණයකින් යුත් ලොව කුඩාම ඩිජිටල් කැමරාව වෙළඳපොළට පැමිණ තිබේ. පූර්ණ ක්‍රියාකාරිත්වයකින් යුත් මෙම කැමරාව මගින් මෙගාපික්සල් 2 ක ප්‍රමාණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත හැකිය. අඟලක පමණ විශාලත්වයෙන් යුත් මෙම කැමරාවේ ස්කන්ධය අවුන්සයක් පමණක් වන අතර එහි වටිනාකම පවුම් 65 කි.

ස්වයංක්‍රීයව නාභිගතවන මෙම කැමරාවේ ආරෝපණය කරන ලද බැටරිය මිනිත්තු 30 ක කාලයක් ක්‍රියාකාරී මට්ටමේ පවතී. එමෙන්ම මෙම කැමරාවෙහි 2 GB ක ධාරිතාවයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රමාණයේ SD කාඩ්පතෙහි ඡායාරූප හා වීඩියෝ දර්ශන ගබඩා කර තබාගත හැකිය.
උපුටාගැනීමකි.


No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...