Monday, September 05, 2011

Rakht Charitra 2 (2010) | සෑම දෙයක්ම සර්ව සාධාරණද…? [සිංහල උපසිරැසි සමග]


ෆිල්ම් සිංහලෙන් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙනෙක් කමෙන්ට්ස් වලට දාලා තිබ්බෙත් ඒක. මේකෙත් හොඳ කොපියක් ආවා කියන ආරංචිය මට දුන්නේ අපේ සහෝදර විකියා. ඔන්න ඔක්කොම වැඩ පැත්තකට දාලා ඔයාලා වෙනුවෙන්ම බොහොම කෙටි කාලෙකින් සබ් දාලා ඉවරකලා.

මේ කොටසෙදි පළවෙනි කොටසේ හිටපු විවේක් ඔබරෝයිට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන සූරියාත් ඉන්නවා. මොවුන් දෙදෙනා එකිනෙකාට නොදෙවනි අති විශිෂ්ට රංගනයක යෙදෙනවා. ෆිල්ම් එක දිහා බලන් ඉන්න කොට මොවුන් මෙතරම් තාත්වික ලෙස රඟපෑවේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ.මොවුන් දෙදෙනා අනර්ඝ ලෙස මෙහෙයවන්නේ මෙහි අති දක්ෂ අධ්‍යක්ෂවරයා වන රාම් ගෝපාල් වර්මා. ඔහු ගැන කියන්න යන එක ගහ දන්න කෙනට කොල කඩා පෑවා වගේ දෙයක්
වෙනවා.
පළවෙනි කොටස අවසාන වන්නේ රවි ප්‍රතාප් ඔහුගේ පවුලේ අයට සිදුවන අසාධාරනය වෙනුවෙන් සටන් කර ඔවුන්ගෙන් පලිගෙන අවසානයේ දේශපාලනයට පිවිසීමෙන්. තමන්ගේ පවුලේ අය මැරූ රවි ප්‍රතාප් ගැන බද්ධ වෛරයෙන් පසුවන මියගිය අයෙකුගේ පුතෙක් විසින් රවි ප්‍රතාප්ගෙන් පලිගැනීමට ගන්නා උත්සාහයක් වටා තමයි මේ දෙවනි කොටස දිවෙන්නේ.
ඇත්තටම 2010 වසරේ මම බලපු හොඳම චිත්‍රපටි යුගලය මේක කියලා මම බය නැතුව කියනවා. ඔයාලත් බය නැතුව කොටස් දෙකම බලන්න. පලවෙනි කොටස බලපු අයටනම් කියන්න දෙයක් නැහැ එයාලා අනිවාර්යෙන්ම බලන බව මම දන්නවා.
එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා, ෆිල්ම් එක බැලුවට පස්සෙත් ඇවිල්ලා අපේ ගුණදොස් කියලා යන්න.

චිත්‍රපටිය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!


3 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...