Monday, September 05, 2011

Guzaarish (2010) | මේ ඉල්ලීමට ඔබ එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ්ද ඇහුනා. ඇත්තටම හරිම හැගුම්බර ඒත් හරිම තාත්වික විදියට කරපු නිර්මාණයක්. 

මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ හ්‍රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායි බච්චන්. අධ්‍යක්ෂවරයා බොලිවුඩ් සිනමාවේ අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සංජේ ලීලා බන්සාලි. ඇත්තටම මෙය හරිම අමුතු මාතෘකාවක් යටතේ කෙරුන නිර්මාණයක්. හ්‍රිතික් නිරුපණය කරන ඊතන් මැස්කරේනස් කියන ලොව හොඳම මැජික් ශිල්පියාගේ චරිතයයි. ඔහු මැජික් සංදර්ශනයක් අතරෙ සිදුවන අනතුරකින් ඔහුගේ බෙල්ලෙන් පල්ලෙහා කොටස පණ නැතිවෙනවා. ඔහුගේ හෙදිය ලෙස කටයුතු කරන්නේ සොෆියා ඩි සූසාගේ චරිතය නිරූපනය කරන අයිශ්වර්යා රායි බච්චන්. 

ඊතන් මැස්කරේනස්ට මේ විඳවන ජීවිතයෙන් සමු ගතයුතුයැයි සිතෙනවා, ඔහු එයට සහය පතන්නේ අධිකරණයෙන්. ඒ අපිට එතරම් හුරු නැති Euthanasia යන්න මුල් කරගෙන. මෙහි අර්ථය අනුකම්පා සහිත මරණයයි. තවත් විදියකින් කියනවනම් අධිකරණයෙන් අවසර ඉල්ලනවා මියයාමට. අධිකරණයෙන් මෙයට අවසර ලැබෙයිද? මෙහි කොයි වගේ අවසානයක් තිබෙයිද?
මෙය සම්පූර්ණයෙන්ම වාගේ රූගත කරලා තිබෙන්නෙ ඉන්දියාවෙ ගෝවාහි. හරිම ලස්සන දර්ශන තල මෙහි තිබෙනවා. සංගිතයත් හරිම හැගුම්බරයි.
ඉතිං සිංහල උපසිරැසිත් තියෙන එකේ බාගෙන බලන්න. අපි ගෙවන ජීවිතය හා සංසංදනාත්මකව බැලීමට මෙය යොදාගන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ජීවිතය සතුටින් ගෙවන්න මෙයින් ලැබෙන්නෙ මොනවගේ උපකාරයක්ද කියලා කමෙන්ට් එකක් දාලා කියලා යන්න අමතක කරන්නෙපා.
ජය වේවා!

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...