Tuesday, August 23, 2011

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

 අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නැති අයට මේකට නම් ඒ නිදහසට කාරණාව කියන්න බැහැ.
ගොඩාක් දේවල් කිව්වා එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු.ඔයාලා නමෙන්ම දකින්න ඇති මේක Rakht Charitra 1. ඒ කියන්නේ මේකෙ තව කොටසක් තියෙනවා. සමහරක් විට ඊට වැඩි වෙයිද දන්නෙත් නැහැ. මෙහි පළමු කොටස නිකුත් උණේ 2010 ඔක්තෝබර් 22නිදා. මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ‍ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්. ඔහු හින්දි සිනමාවෙ හොදම අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ විවේක්
ඔබරෝයි. මීට අමතරව තවත් චරිත ගණනාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා.
මේ කතාව ගැන කෙටියෙන් කියනවනම් තම පවුලේ සාමාජිකයන්ට දේශපාලකයන්ගෙන් සිදුවන අසාධාරණකම් හමුවේ නැගී සිටීමට සිදුවන තරුණයෙකුගේ කතාවක් මත තමයි ගලා යන්නේ. මේ තරුණයා තේරුම් ගන්නවා මේ ක්‍රමවේදය වෙනස් කිරීම හැර මෙයට විසඳුමක් නැති බව. ඔහු ඒ වෙනුවෙන් තෝරාගන්නේ උණ්ඩයද? ඡන්දයද? ඔහුට මේ වෙනුවෙන් කවුරුන් උදව් කරයිද? කවුරුන් හරස් කපයිද? මේ වෙනුවෙන් කී දෙනෙකුට ජීවිත පූජා කිරීමට සිදුවෙයිද?
බය නැතුව බාගෙන බලන්න, සිංහල උපසිරැසිත් තියෙනවනේ. දෙවැනි කොටසත් ළඟදිම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ කමෙන්ට් එක තමයි ගොඩාක් වටින්නේ. එහෙනම් බාගෙන බලන්න. ජය වේවා! 

චිත්‍රපටිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

 


2 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...