Thursday, November 11, 2010

We Are Family (2010) | පවුලක් මෙලෙසද නිර්වචනය කල හැක..



මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද කියලා මේක බැලුවම මට හිතුනා.
එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද?
මගේ කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර් තමයි කරන් ජොහාර්. එයා කරපු හැම ෆිල්ම් එකක්ම ගොඩක් ආසාවෙන් බැලුවා. එයා නිෂ්පාදනය කරපු ෆිල්මුත් ගොඩක් ලස්සනයි. මේකත් එයාගේ නිෂ්පාදනයක්. මේකෙ ඩිරෙක්ටර් සිද්ධාර්ත් මල්හෝත්රා. මේකෙ හරිම ලස්සන සංගීතයක් තියෙනවා, ඒක කරල තියෙන්නෙ ශංකර් – ඒශාන් – ලෝයි. සංස්කරන කටයුතු කරලා තියෙන්නෙ දීපා භාතියා.
මේ ෆිල්ම් එක 2010 සැප්තැම්බර් මාසේ තමයි නිකුත් උනේ. ගොඩක් අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සහ කරීනා කපූර්. මේ ෆිල්ම් එකේ මේ තුන්දෙනාම එකිනෙකාට නොදෙවනි අයුරින් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. මෙයට අමතරව තවත් ලමා චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකට ඇතුලත්. මේ ෆිල්ම් එකේ සම්පූර්න රූගත කිරීම් සිදු කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි.
මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්ඳනයට හානියක් නොවන විදියට. දරුවන් තුන් දෙනෙක්ගෙන් සමන්විත පවුලේ මව්පියන් අතර ඇතිවන පවුල් ජීවිතය සම්බන්ධ ගැටලු දරුවන්ගේ ජීවිත වලට බලපාන ආකාරයත්, එහිදී ගන්නා යම් යම් තීරන අනාගතයේදී ඔවුනොවුන්ට බලපාන ආකාරයත්, සාම්ප්‍රදායික තුන්වැන්නෙකුගේ චරිතයට නව අර්ථකථනයක් දී ඇති ආකාරයත් මෙහිදී මැනවින් නිරූපනය කරනවා. බයනැතුව බාගෙන බලන්න. බලලා හොඳ නරක කියලා යන්න. ඔයාලට ජය වේවා.


No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...