Thursday, November 11, 2010

Anjaana Anjaani (2010) |ආදරයයි සියදිවිනසාගැනීමයි අතරෙ සම්බන්ධයක් තියෙනවද?

මෙන්න ගෙනාවා අලුත්ම ෆිල්ම් එකක්. මේක එළියට ආවේ 2010 ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඒත් හොඳ කොපියක් ආවේ ඊයේ පෙරේදා. මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් බලාගෙන ඉන්න බැරිඋන නිසා මැජස්ටික් සිටි එකේ තියටර් එකට මේ ෆිල්ම් එක ආව පළවෙනි දවසෙම ගිහිල්ලා බැලුවා. මම හිතන විදියට තවමත් (08/11/2010) ඒ හෝල් එකේ තියෙන්නෙ මේ ෆිල්ම් එක. ෆිල්ම් එක නම් පට්ට. කලර්ස් නියමයි. මියුසික් කියලා වැඩක් නැහැ. සිංදු ටික ඔක්කොම ලස්සනයි. දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න.
මේ ෆිල්ම් එක ගැන විස්තරයක් කියනව නම් මෙහෙම පටන් ගමු. මේකෙ මූලිකවම චරිත නිරුපණය කරන්නෙ රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා සහ සයිඩ් ඛාන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සිද්ධාර්ත් ආනන්ද්. නිෂ්පාදනය සජිද් නදියවාලාගෙන්. සංගීතය විශාල් – ශේඛර් සහ සලීම් – සුලෙයිමන් විසින්. මේකෙ සිංදු ටික නම් ඔයාලගෙ හිතට අල්ලයි කියලා ෂුවර්.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටි විස්තරයක් මම කියන්නම්,බයවෙන්න එපා ඔයාලගෙ රස වින්දනයට කිසිම ආකාරයකින් හානියක් වෙන්නේ නැහැ. මේ කථාවේ හැටියට මෙහි ප්‍රධාන චරිත දෙකම ජීවිතය ගැන කලකිරී ජීවිතයෙන් පලා යන්න සිතා

සිටින කාලෙක තමයි මොවුන් දෙදෙනා බොහෝම අහම්බෙන් වගේ හමුවෙන්නේ. ඉතිං මේ හමුවීම මොන ආකාරයකින් කෙළවර වෙයිද? මෙහි තුන්වැන්නෙකුත් ඉන්නා බව මතක තියාගන්න. තුන්වැන්නා මෙම කතාවට සම්බන්ධ වන්නෙ කෙසේද? මේවාට උත්තර දැන ගන්න ඕනනම් මේක බාලා බලන්නම වෙනවා.
මේ ෆිල්ම් එක තනිකරම කරලා තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ විවිධ ස්ථාන වල, අතිශයින්ම දැකුම්කළු පසුතල වල කරපු ඉතාමත්ම මනරම් ෆිල්ම් එකක් මේක. මේක ගොඩාක් වියදම් කරලා හදපු ෆිල්ම් එකක්. මේකට ඉන්දියානු රුපියල් කෝටි 43ක් වියදම් වෙලා තියෙනවා. මේක ඉන්දියාවේ තිරගත වෙච්ච පළවෙනි සතියෙම ඉන්දියානු රුපියල් කෝටි 28ක් උපයලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේ ෆිල්ම් එක කොහොමද කියලා.
ඉතිං මේක මගේ 5වෙනි ලිපිය. මගේ හොඳම මිතුරියක් සිටියා පහුගිය කාලේ ගොඩාක් ළඟින් හිටපු. ඒත් දැන් ඒ මිතුරිය මගෙන් ඈත් වෙලා. එයා ඈත් උණත් මගෙ හදවතේ ඒ මිතුරු කම සදහටම තියෙනවා. මම මේ ෆිල්ම් එක එයා වෙනුවෙන් පිළිගන්වන්න කැමතියි.
බයනැතුව බාගෙන බලන්න. බලලා හොඳ නරක කියලා යන්න. ඔයාලට ජය වේවා.


No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...