Thursday, November 11, 2010

Baghban (2003) | දෙමව්පියන්ට දරුවන් මත යැපිය හැකිද?


මේ මගේ පළවෙනි ලිපිය. මම මගේ පළවෙනි ලිපිය විදියට තෝර ගත්තේ මම ඉතාමත් කැමති චිත්‍රපටියක්. මම මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. මම දන්නවා ඔයාලත් ඔයාලගෙ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි කියලා. ඒ නිසාම තමයි මම තීරණය කරේ මගේ කුළුදුල් ලිපිය විදියට දෙමව්පියන් ගැන ඉතාමත් අපූරුවට කියැවෙන මේ බයිස්කෝප් එක ඔබ වෙතට ගේන්න.

මම මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. වැඩි විස්තර කියන්නෙ නැහැ මොකද මෙච්චර ලස්සන චිත්‍රපටියක් ගැන මම විස්තර කියන එක සුදුසු නැහැ. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ රවි චොප්ර විසින්. මෙහි ප්‍රධාන චරිත නිරූපණ කරන්නෙ අමිතාබ් බච්චන්, හේමා මාලිනි, සල්මන් ඛාන්. මේක විනාඩි 183 ක් පුරාවට දිවෙන චිත්‍රපටයක්.

මේ කතාව පටන් ගන්නෙ ලස්සන පවුලක්, ඒ කියන්නෙ දරුවන් හතර දෙනායි අම්මයි තාත්තයි කොයි තරම් සතුටෙන් සමගියෙන් ඉන්නවද කියලා අපිට පෙන්නල දෙමින්. මේ තාත්තා තමන් සතු හැම දෙයක්ම නිර්ලෝභීව තමන්ගෙ දරුවන් වෙනුවෙන් වැය කරනවා. මොකද මේ තාත්තට තමන්ගෙ දරුවන් පිළිබදව තියෙන්නෙ පුදුමාකාර විශ්වාසයක්. මේ දරුවන් මෙම විශ්‍රාමික දෙමව්පියන්ගේ එම විශ්වාසය ඒ විදියටම තබයිද? නැත්නම් ඔවුන්ට කාගේ පිහිටක් ලැබෙයිද? නැතිනම් ඔවුන් වෙනත් මාර්ගයක් තෝරා ගනීද? බය නැතුව බාගෙන බලන්න හිතට දැනන ෆිල්ම් එකක්. මේක බලපු පළවෙනි පාර මට කදුළුත් ආවා. කමෙන්ට් එකකුත් දාලම යන්න.
ජය වේවා!!!!!!!

                  මෙන්න මෙතනින් බාගන්න



1 comment:

  1. mama meka balala thiyanawa. meka supiri film ekak. mamanam mara asai mekata. bohoma isthuthi mewage film danawata...

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...