Saturday, January 07, 2012

එක්ස් බොක්ස් ප්ලේස්ටේෂන් අළුත්වෙයි

ලොව පරිගණක මෘදුකාංග ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම විසින්  එක්ස් බොක්ස් (Xbox)  360 යන්ත‍්‍රයේ වඩාත් දියුණු නව නිෂ්පාදනය මේ වසරේ එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

වසර 2005 දී එළිදක්වන ලද එක්ස් බොක්ස් (Xbox)  360 මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවූ දෙවැනි වීඩියෝ කී‍්‍රඩා කොන්සෝලයයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ බොක්ස් (Xbox) නිෂ්පාදනය 2012 ජුනි මාසයේදී ලොස් ඇන්ජලිස් හි පැවැත්වෙන ඉලෙක්ට්‍රොනික් එන්ටර්ටේන්මන්ට් එක්ස්පෝ නම් වාර්ෂිකව පැවැත්වෙන ලොව වීඩියෝ කී‍්‍රඩා සමුළුවේදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව, සෝනි සමාගම විසින් නිෂ්පදිත නවතම ප්ලේස්ටේෂන් යන්ත‍්‍රය වන  ප්ලේස්ටේෂන් 4 ද මෙම සමුළුවේදී එළිදැක්වීමට නියමිත බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...