Thursday, October 20, 2011

XP Password එක අමතක උනාද? මෙන්න පිලියමක්..


අපි Windows වලට Log  වෙන කොට Password දානවනේ.. මම නම් දාන්නේ නැහැ.. ඒත් ගොඩ දෙනෙක්  Password දානවා.. ඉතිං ඔහොම වෙලාවක අපිට Password එක අමතක උනොත් මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි.. ඔන්න ඒකට පොඩි විසඳුමක් කියන්න තමයි මේ හදන්නේ.. හැබැයි මේක හරියන්නේ Windows ‍XP වලට විතරයි.. පොඩි පියවරවල් 4ක් විතරයි තියෙන්නේ..

1. අපි Computer එක Safe Mode එකෙන් Boot කරගන්න ඕන.. ඒක කරගන්නේ මෙහෙමයි Computer එක On කරපු වෙලාවේ ඉඳලා F8 Key එක ඔබ ඔබ ඉන්න. එතකොට ටික වෙලාවකින් Menu එකක් එයි. එතනින් Safe Mode තෝරලා Enter කරන්න.


2. දැන් Windows Safe mode වලින් Boot වෙයි. Normal Boot වෙනවට වඩා ටික වෙලාවක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. දැන් ටික වෙලාවකින් User Account logon screen එක එයි. එතනින් Administrator account එක තෝරලා Log වෙන්න. ඒකේ Default Password නැහැ.

3. Windows Load වෙලා ඉවර උනාම Pop up Box එකක් එයි. ඒකෙන් අහන්නේ අපි Safe Mode පාවිච්චි කරන්න කැමතිද කියලා. ඒක Yes කරන්න.

4. ඊට පස්සේ Control Panel එක Open කරලා ඒකෙ ඇතුලේ තියෙන User Accounts Open කරන්න. දැන් ඔයාලට User Accounts ලිස්ට් එක පෙනෙයි. එතනින් ඔයාලට Password එක අමතක උන User Accounts එක තෝරන්න. option list එකෙන් change password තෝරන්න. දැන් එන Window එකෙන් ඔයාලගේ පරන Password එක අහන්නේ නැතුව අලුත් Password එකක් දාගන්න පුළුවන්. දැන් Restart කරලා Normal  විදියට Windows වලට යන්න.

වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න.. අපේ බ්ලොග් එක හොදනම් යාලුවොන්ටත් කියන්න.. ජය වේවා!

4 comments:

  1. එල එල..කලින් අහල තිබ්බ..අද තමයි දැන ගත්තෙ හරියටම..

    ReplyDelete
  2. Aiye ethakota administrator ekata password ekak dala thibunoth mokakda api karanne??????

    ReplyDelete
  3. Administrator එකට පාස්වර්ඩ් දාලා තිබ්බොත්නම් කරන්න දෙයක් නැහැ.. ඒකටත් ක්‍රමයක් තියෙනවා.. ඒක පස්සේ ලිපියකින් කියලා දෙන්නම්.. වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා හොඳේ..

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...