මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ හ්‍රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායි
බච්චන්. අධ්‍යක්ෂවරයා බොලිවුඩ් සිනමාවේ අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සංජේ
ලීලා බන්සාලි. ඇත්තටම මෙය හරිම අමුතු මාතෘකාවක් යටතේ කෙරුන නිර්මාණයක්.
හ්‍රිතික් නිරුපණය කරන ඊතන් මැස්කරේනස් කියන ලොව හොඳම මැජික් ශිල්පියාගේ
චරිතයයි. ඔහු මැජික් සංදර්ශනයක් අතරෙ සිදුවන අනතුරකින් ඔහුගේ බෙල්ලෙන්
පල්ලෙහා කොටස පණ නැතිවෙනවා. ඔහුගේ හෙදිය ලෙස කටයුතු කරන්නේ සොෆියා ඩි
සූසාගේ චරිතය නිරූපනය කරන අයිශ්වර්යා රායි බච්චන්.
අරෙහෙ මෙහේ ලෝකෙ වටේ තියෙන සේරම දේවල්...... සිංදු, චිත්‍රපටි, සිංහල උපසිරැසි, මෘදුකාංග, ගේම්, උපක්‍රම, අනම් මනං එකී මෙකී නොකී සේරම දේවල්....
Showing posts with label චිත්‍රපටි. Show all posts
Showing posts with label චිත්‍රපටි. Show all posts
Monday, September 05, 2011
Guzaarish (2010) | මේ ඉල්ලීමට ඔබ එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]
Rakht Charitra 2 (2010) | සෑම දෙයක්ම සර්ව සාධාරණද…? [සිංහල උපසිරැසි සමග]
ෆිල්ම් සිංහලෙන් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙනෙක් කමෙන්ට්ස් වලට දාලා තිබ්බෙත් ඒක. මේකෙත් හොඳ කොපියක් ආවා කියන ආරංචිය මට දුන්නේ අපේ සහෝදර විකියා. ඔන්න ඔක්කොම වැඩ පැත්තකට දාලා ඔයාලා වෙනුවෙන්ම බොහොම කෙටි කාලෙකින් සබ් දාලා ඉවරකලා.
මේ කොටසෙදි පළවෙනි කොටසේ
හිටපු විවේක් ඔබරෝයිට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන
සූරියාත් ඉන්නවා. මොවුන් දෙදෙනා එකිනෙකාට නොදෙවනි අති විශිෂ්ට රංගනයක
යෙදෙනවා. ෆිල්ම් එක දිහා බලන් ඉන්න කොට මොවුන් මෙතරම් තාත්වික ලෙස රඟපෑවේ
කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ.මොවුන් දෙදෙනා අනර්ඝ ලෙස මෙහෙයවන්නේ මෙහි
අති දක්ෂ අධ්‍යක්ෂවරයා වන රාම් ගෝපාල් වර්මා. ඔහු ගැන කියන්න යන එක ගහ දන්න
කෙනට කොල කඩා පෑවා වගේ දෙයක්
Tuesday, August 23, 2011
Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
ගොඩාක් දේවල් කිව්වා එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු.ඔයාලා නමෙන්ම දකින්න ඇති මේක Rakht Charitra 1. ඒ කියන්නේ මේකෙ තව කොටසක් තියෙනවා. සමහරක් විට ඊට වැඩි වෙයිද දන්නෙත් නැහැ. මෙහි පළමු කොටස නිකුත් උණේ 2010 ඔක්තෝබර් 22නිදා. මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්. ඔහු හින්දි සිනමාවෙ හොදම අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ විවේක්
Thursday, November 11, 2010
Badmaash Company 2010 - ගේමක් දෙමුද?
Badmaash Company 2010 - ගේමක් දෙමුද?
මෙන්න ගෙනාවා තවත් පට්ටම ෆිල්ම් එකක්, මම හරිම කැමති මේ ජාතියේ ෆිල්ම් වලට. තනිකරම ඔලුව පාවිච්චි කරලා දෙන ගේමක් තමයි මෙ ෆිල්ම් එකේ තියෙන්නෙ.
මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නේ ශහිඩ් කපූර්, අනුෂ්කා ශර්මා. මෙයට අමතරව ඔවුන්ගෙ මිතුරන් ලෙස තවත් චරිත දෙකක්ද උප ප්‍රධාන වශයෙන් ඉන්නවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ ප්‍රමීත් සෙති, නිෂ්පාදනය යාශ් චොප්රා සහ ආදිත්ය චොප්රාගෙන්. මේ ෆිල්ම් එක එලියට ආවේ මැයි මාසේ හත් වෙනිදා. මේකට ඉන්දියානු රුපියල් කෝටි 25ක් වියදම් කරලා තියෙනවා. මේක විනාඩි 144ක් පුරා දිවෙන ලස්සන චිත්‍රපටියක්.
මේකෙ කතාව මම කෙටියෙන් කියන්නම්. මේකෙ ප්‍රධාන චරිතයට ඉක්මනින් මුදල් හම්බ කිරීමේ පුදුම උවමනාවක් සහ ආසාවක් තියෙනවා, ඇත්තවශයෙන්ම ඔහු හොඳ මොලයක් තියෙන තරුණයෙක්. ප්‍රශ්නය තියෙන්නෙ ඔහු ඒ මොලේ පාවිච්චි කරන ආකාරයයි.

Anjaana Anjaani (2010) |ආදරයයි සියදිවිනසාගැනීමයි අතරෙ සම්බන්ධයක් තියෙනවද?
මෙන්න ගෙනාවා අලුත්ම ෆිල්ම් එකක්. මේක එළියට ආවේ 2010 ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඒත් හොඳ කොපියක් ආවේ ඊයේ පෙරේදා. මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් බලාගෙන ඉන්න බැරිඋන නිසා මැජස්ටික් සිටි එකේ තියටර් එකට මේ ෆිල්ම් එක ආව පළවෙනි දවසෙම ගිහිල්ලා බැලුවා. මම හිතන විදියට තවමත් (08/11/2010) ඒ හෝල් එකේ තියෙන්නෙ මේ ෆිල්ම් එක. ෆිල්ම් එක නම් පට්ට. කලර්ස් නියමයි. මියුසික් කියලා වැඩක් නැහැ. සිංදු ටික ඔක්කොම ලස්සනයි. දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න.
මේ ෆිල්ම් එක ගැන විස්තරයක් කියනව නම් මෙහෙම පටන් ගමු. මේකෙ මූලිකවම චරිත නිරුපණය කරන්නෙ රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා සහ සයිඩ් ඛාන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සිද්ධාර්ත් ආනන්ද්. නිෂ්පාදනය සජිද් නදියවාලාගෙන්. සංගීතය විශාල් – ශේඛර් සහ සලීම් – සුලෙයිමන් විසින්. මේකෙ සිංදු ටික නම් ඔයාලගෙ හිතට අල්ලයි කියලා ෂුවර්.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටි විස්තරයක් මම කියන්නම්,බයවෙන්න එපා ඔයාලගෙ රස වින්දනයට කිසිම ආකාරයකින් හානියක් වෙන්නේ නැහැ. මේ කථාවේ හැටියට මෙහි ප්‍රධාන චරිත දෙකම ජීවිතය ගැන කලකිරී ජීවිතයෙන් පලා යන්න සිතා

We Are Family (2010) | පවුලක් මෙලෙසද නිර්වචනය කල හැක..
එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද?
මගේ කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර් තමයි කරන් ජොහාර්. එයා කරපු හැම ෆිල්ම් එකක්ම ගොඩක් ආසාවෙන් බැලුවා. එයා නිෂ්පාදනය කරපු ෆිල්මුත් ගොඩක් ලස්සනයි. මේකත් එයාගේ නිෂ්පාදනයක්. මේකෙ ඩිරෙක්ටර් සිද්ධාර්ත් මල්හෝත්රා. මේකෙ හරිම ලස්සන සංගීතයක් තියෙනවා, ඒක කරල තියෙන්නෙ ශංකර් – ඒශාන් – ලෝයි. සංස්කරන කටයුතු කරලා තියෙන්නෙ දීපා භාතියා.
මේ ෆිල්ම් එක 2010 සැප්තැම්බර් මාසේ තමයි නිකුත් උනේ. ගොඩක් අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සහ කරීනා කපූර්. මේ ෆිල්ම් එකේ මේ තුන්දෙනාම එකිනෙකාට නොදෙවනි අයුරින් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. මෙයට අමතරව තවත් ලමා චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකට ඇතුලත්. මේ ෆිල්ම් එකේ සම්පූර්න රූගත කිරීම් සිදු කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි.
Baghban (2003) | දෙමව්පියන්ට දරුවන් මත යැපිය හැකිද?
මේ මගේ පළවෙනි ලිපිය. මම මගේ පළවෙනි ලිපිය විදියට තෝර ගත්තේ මම ඉතාමත් කැමති චිත්‍රපටියක්. මම මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. මම දන්නවා ඔයාලත් ඔයාලගෙ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි කියලා. ඒ නිසාම තමයි මම තීරණය කරේ මගේ කුළුදුල් ලිපිය විදියට දෙමව්පියන් ගැන ඉතාමත් අපූරුවට කියැවෙන මේ බයිස්කෝප් එක ඔබ වෙතට ගේන්න.
මම මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. වැඩි විස්තර කියන්නෙ නැහැ මොකද මෙච්චර ලස්සන චිත්‍රපටියක් ගැන මම විස්තර කියන එක සුදුසු නැහැ. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ රවි චොප්ර විසින්. මෙහි ප්‍රධාන චරිත නිරූපණ කරන්නෙ අමිතාබ් බච්චන්, හේමා මාලිනි, සල්මන් ඛාන්. මේක විනාඩි 183 ක් පුරාවට දිවෙන චිත්‍රපටයක්.
Subscribe to:
Posts (Atom)