Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Saturday, July 14, 2012

අවසර නැත මට.. ඔබෙ අත ගන්නට..

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත ..  කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .  එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ  පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...
 ඔහුගේ  දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු  සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම  තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත්  ගියේ නැත 
 පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය ..  උඩුමහලේ බැල්කනියට වී හුදකලාව  සිටි අතර   නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක්  ව්සින් ගායනා කල  මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය

Tuesday, March 20, 2012

බැදීම් කෙතරම් චමත්කාරද?


ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"

තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්

Tuesday, February 21, 2012

කර වුනු පාන් සහ කරුණාවන්තකම

මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට

Thursday, February 16, 2012

කෙදිනකවත් මෙම වරද කරන්න එපා


මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"


මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා 

"
අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

Wednesday, January 11, 2012

මවුපියන්ගේ වටිනාකම පමානොවී වටහා ගන්න

අපි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.

"මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව,සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්,එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න"""
මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා.
අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේදරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම...

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන්

ක්‍ෂණික කෝපය - එකෙන්ම කියවන්න

ඔහු ඉතා දඩබ්බර නපුරු ළමයෙක් විය. ක්‍ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවැත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙසක් ලබාදුනි.

''පුතේ, ඊලඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් රැගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන.''

ඔහුද ඊට එකඟ විය. පළමු දිනයේ ඔහු ඒ ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 37ක් විය. මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය. ඔහුට පෙර පරිදි

Tuesday, January 10, 2012

සල්ලි ගේන භූතයා

එබ්රහම් ටී. කොවුර් මහතා 1954 වර්ෂයේ දී       කොළඹ තර්ස්ටන්  විද්යාලයේ       ගුරුවරයකු වශයෙන් සේවය කරද්දී දිනක් ඔහුගේ ශිෂ්යයෙක් අලුත් මාදිලියේ යහපත් භූතයකු පිළිබඳ තොරතුරක් කීවේය. 
ගල්කිස්සේ පදිංචිවෙලා ඉන්න මගෙ මාමගෙ ගෙදර ඉන්නව සර් හරි වාසනාවන්ත භූතයෙක්. ගෙදර හැමෝටම සල්ලි ගෙනත් දෙනව. සල්ලිවලින් ගහනව. රෑට නිදා ගත්තහම කොට්ටෙ යටින් සල්ලි ගෙනත් තියනව.කව්රු හරි භූතයව දැකල තියෙනවද? කොවුර් විමසුවේය.
නෑ සර්, තාම දැකල නෑ. දැන් මාස දෙකක් විතර වෙනවා. දැන් ගෙනත් තියන්නෙ කාසි විතරයි. ඉස්සරහට ලොකු කොළ ගෙනත් දෙන බව භූතය, කියල තියෙනව මාමගෙ ගෙදර ඉන්න වැඩකාර කෙල්ලට.කෙල්ලට භූතයා හම්බවෙලා තියෙනවද?

Monday, December 12, 2011

හොඳ දේට පරක්කු වෙන්න එපා.. අදම කරන්න


මහාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා.

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර

Saturday, November 12, 2011

නිම් නැති දරු පෙම

 "මට මගේ දරුවා බලන්න පුලුවන් ද?"

අලුතෙන් මව් පදවිය ලැබූ තරුණ අම්මා ආසාවෙන් ඇහුවා. හෙදියක් පැමින රෙදි වලින් ඔතා තිබූ දරුවා ඇය අතට දුන් අතර තරුණ මව ඉතා ආශාවෙන් රෙදි කඩ අයින් කලේ අලුත ඉපදුන තමන්ගේ කුලුදුල් දරුවාගේ මුහුණ බැලීමටයි.
නමුත් දරුවාගේ මුහුණ දුටු ඇයට වේදනාවෙන් කෑ ගැසුනා...අසල සිටි වෛද්‍යවරයා කිසිත් නොකී අතර ඔහු අසල වූ ජනේලයෙන් හිස් අහස දෙස බලාගෙන සිටියා.දරුවාට උපතින්ම බාහිර කන් දෙකක් පිහිටා තිබුනේ නෑ!!!

කාළය ගත වීමේදී දරුවාගේ කන් ඇසීමේ දුර්වලතාවයක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂ වූ නමුත් කන් දෙක පිහිටා නොමැති නිසා දරුවාගේ මද විරූපී ගතියක් පෙනුනා. බොහෝ දින වල පාසල් අවසන් වී නිවසට ආ පසු මවගේ තුරුලට යන දරුවා ඔහුට පාසලේ අනෙක් දරුවන් ගෙන් විදින්නට සිදු වන නොයෙකුත් අඩන්තේට්ටම් මවට පවසමින් හැඩුවා.

Thursday, November 10, 2011

කොලොම්තොටෙන් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්. වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට් තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්” කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාට කියන්නේ

Tuesday, November 08, 2011

තාත්තලගේ ආදරය

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.
හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...

මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

Monday, November 07, 2011

ඇඬෙන කතාවක්

ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.

"මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.

වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.

මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා

Saturday, November 05, 2011

දමිත් සහ පාප් වහන්සේ


ඔන්න අද කියන්න යන්නේ මම අඳුරන මල්ලි කෙනෙක් මට කියපු කතාවක්.. මේකෙ නියම රසය තියෙන්නේ කියන කොට.. කියවන කොට ටිකක් රසය අඩු වෙයිද මංදා.. ඒත් හිතින් මවාගෙන කියවන්නකෝ.. එහෙනම් මෙන්න කතාව..

ඔන්න යාලුවෝ දෙන්නෙක් බාර් එකකට ගියා සෙට් වෙන්න.. එක්කෙනෙක් අමල්, අනිත් එක්කෙනා දමිත්.. ඔන්න දමිත් අමල්ට මෙහෙම කියනවා 
"මචං දැන් අපේ ටේබල් එකට සර්ව් කරන්න එන වේටර් මම අඳුරනවා.. කීයක් ඔට්ටුද?" 
අමලුත් කම්මැලි කමට කිව්වා 
" හරි රු.100ක් ඔට්ටුයි" කියලා, 
ඔන්න එහෙම කියන කොටම වේටර් කෙනෙක් එනවා 
"කොහොමද දමිත් මහත්තයා, ගොඩ දවසකින් දැක්කෙ කියලා" ඔන්න ඉතිං අමල් ඔට්ටුව පරාදයි.. මූණත් ඇඹුල් කරගෙන 100ක් දමිත්ට දුන්නා.. දැන් සෙට් වෙන ගමන් ආයේ දමිත් කියනවා 
"බාර් එකේ දොරෙන් ඊලඟට ඇතුලට එන කෙනා මම අඳුරනවා, කීයක් ඔට්ටුද?" කියලා.. 

Tuesday, October 11, 2011

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

බීප් බීප්... 16+


Sunday, September 11, 2011

සීයා සහ රාලහාමි

දවසක් සීයාකෙනෙක් බයිසිකලයක් පැදගෙන යනකොට......
මොකක්දෝ වැරැද්දක් කරලා සීයාට දඩයක් ගැහුවලු...
එක පොලිසියෙ රාළහාමි කෙනෙක්..

සීයා-කමක් නැහැ පුතා ...මම යන්නම් කියලා යන්න ගියාලු..

මෙහෙම ටිකදුරක් ගිය සීයා ආයෙත් හරවගෙන ඇවිල්ලා පොලිස් රාලහමිට මෙහෙම කියනවාලු...

සීයා-පුතේ උඹ ලබන ආත්මේදී මගේම පුතෙක් වෙලා උපදින්න ඕන කිව්වලු..

දැන් පොඩ්ඩක් විතර මොළේ කොලොප්පන්ලු රාලහමිට.. දඩේකුත් ගහලා කෙනෙක් මෙහෙම කිව්වම.. රාලහාමිටත් ටිකක්