Showing posts with label උපක්‍රම. Show all posts
Showing posts with label උපක්‍රම. Show all posts

Wednesday, April 01, 2015

Team Viewer වලට නියම විකල්පය..


ඔයාලා ගොඩදෙනෙක් ජීවිතේට එක පාරක් හරි Team Viewer පාවිච්චි කරල ඇති.. ඒ කාට හරි උදව්වක් කරන්න හරි, කාගෙන් හරි උදව්වක් ලබා ගන්න හරි, IT Field එකේ ඉන්න අයටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්, විශේෂයෙන් පෞද්ගලිකව මට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා මගේ රැකියාව කරද්දි..

නමුත් Team Viewer එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ තමා මේක අපි දිගටම පාවිච්චි කරනකොට අපිව limit කරනවා.. ඒ කියන්නේ විනාඩි 5න් වගේ disconnect කරනවා.. අනික මට ආපු ප්‍රශන්යක් තමයි සමහර වෙලාවට connect වෙන්න ටිකක් විතර අමාරු වීම.. අනික තමයි එහා පැත්තෙන් අපිට password එක එවනකම්ම අපිට ලොග් වෙන්න බැරි වීම.. අපි ලොග් වෙන හැම පාරකදීම අපිට අලුතෙන් password එකක් ඕන වීම..

මට ඕක ලොකු ප්‍රශන්යක් වෙලා තිබ්බේ.. මම හොයාගත්තා ඕකට හොඳ විසඳුමක්.. ඒක තමයි Ammyy Admin... මේක ඔයාලා කලින් අහලත් ඇති අහලා නැතුවත් ඇති.. මම කියන්නම් මේකේ වාසි ටිකක්, මේක හරිම පොඩි Software කෑල්ලක්, රැම් ගන්නේ හරිම ටිකයි, අනික අපි එක පාරක් වෙන කම්පියුටරේකට ලොග් උනාම එයා ඒකේ Remember කියන එක Tick කරාම අපිට දිගටම ලොග් වෙන්න පුළුවන්.. අනික මාර Speed වැඩ කරනවා.. අපිට අපි නිතර ලොග් වෙන IP Save කරලා තියාගන්නත් පුළුවන්, 

මේක මටනම් මාරම වටිනවා මොකද මට හැම වෙලේම අපේ අනිත් Location වල Servers වලට ලොග් වෙන්න ඕන නිසා.. එහෙනම් කට්ටියට වැඩක් උනා කියලා හිතනවා.. 


මෙතනින් බාගන්න පුළුවන් ඕන අයට..

 

එහෙනම් අපි ගියා.. ජයවේවා..

Wednesday, February 25, 2015

ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ....

PDF කියන්නේ අපි බහුලවම භාවිතා කරන File වර්ගයක්.. අපිට පරිඝණකයේ වැඩ කරද්දි ඕනම වෙන දෙයක් තමයි යම්කිසි File එකක් PDF කරගන්න එක, එහෙම කරන ක්‍රම ගොඩක් තියෙනවා, Online කරගන්නත් පුළුවන්, ඒත් මම කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් ගැන,
එහෙනම් බලමු, 
මේකේ නම CutePDF

මෙතනින් බාගන්න් පුළුවන්..

https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTasBG3PuBzpUVLYCXzgubtnivVmUxO35Fj61mwjmtY9fylSSRa

මේක Zip File එක ඇතුලේ තියෙන Converter සහ Cutewriter කියන file දෙක Install කරන්න විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඒක අපේ Printer ඇතුලේ Printer එකක් විදියට Install වෙනවා.. 
අපිට කරන්න තියෙන්නේ අපිට ඕන Word File එකක් PDF කරන්න නම් Print කරන විදියට ගිහිල්ලා CutePDFWriter කියන Printer එක Select කරලා දෙන එක.. 
ඊට පස්සේ Save කරන Menu එකක් එනවා.. කැමති නමක් දීලා Save කරන්න..

එච්චරයි..
මේ ලිපියෙන් වැඩක් උනානම් යාලුවොත් එක්ක බෙදා ගන්න..
ජය වේවා!

Friday, January 13, 2012

බර වැඩිද? මෙහෙම කරලා බලන්න

මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා.


 
බර අඩු කර ගැනීම


· ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්න. ඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න
· ඔබ ලඟාකරගන්නා ඉලක්කය ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්න . කුඩා ප්‍රමාණයක බර අඩු වීමක් වුවද වැඩදායී වේ
· ඔබගේ ඉලක්ක සපුරාලීමට හැකිවන පරිදි, ක්‍රමානුකූලව, ආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න
· ඔබ අහාර වලින් ලබාගන්නා ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක්, ශරීරය

Sunday, January 01, 2012

Facebook එකෙන් නොමිලේ SMS යවමු..

ඔන්න කාලෙකට පස්සේ සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතාගෙනම අලුත් ලිපියක් අරගෙන ආවා.. පහුගිය ටිකේ එක එක වැඩ නිසා ලිපියක් ලියන්න තරම් හිතේ නිදහසක් තිබ්බේ නැහැ.. අද කියලා දෙන්න යන්නේ ලෝකේ වටේටම SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැන.. ඒ වෙන මොකකින්වත් නෙමෙයි අපි හැමෝටම වගේ හොඳටම හුරු පුරුදු Facebook වලින්.. ඒකට උදව් වෙන්නේ ChatSMS කියන Application එක.. හැබැයි මේකේ එක මැසේජ් එකකට ඇතුලත් කරන්න පුළුවන් අකුරු 100ක් විතරයි.. සාමාන්‍යයෙන් මැසේජ් එකකට අකුරු 160ක් ඇතුල් කරන්න පුළුවන්නේ..
එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා..

ඉස්සෙල්ලාම ඔයාලගේ Facebook Account එකට Log වෙන්න. 

Thursday, November 24, 2011

ෆෝන් එක චාජරෙන් ගලවන්න අමතක වෙනවද?


ඔයාලා හැමෝම වගේ ජංගම දුරකථන පාවිච්චි කරනවනේ.. ඉතිං ඕක පාවිච්චි කරන්න නිකං බැහැනේ.. චාජ් කරන්නත් එපායැ.. ඉතිං අපි ඕක චාජ් එකට ගැහුවම අපිට ඕක වෙලාවට ගලවන්න අමතක වෙනවා.. ඒකෙන් කරදර ගොඩක් වෙනවා.. එකක් තමයි විදුලි බිල වැඩි වීම.. අනෙක තමයි අවශ්‍ය ප්‍රමානයට වඩා චාජ් වීමෙන් දුරකථනයේ බැටරියේ ආයුකාලයට ඇතිවන බලපෑම.. ඔන්න අපිට ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා Eco Charger v1.2 එකෙන්.. මේකෙන් ෆෝන් එක චාජ් වෙලා ඉවර උනාම එලාම් එකක් වදින්න හදන්න පුළුවන්.. මේක Sign කරපු Application එකක් නිසා Hack කරපු නැති ෆෝන් වලත් වැඩ.. මේක වැඩකරන්නේ  Symbian S60v5 දුරකථන වලට විතරයි.. 


Tuesday, November 08, 2011

USB Port වලට Password දාමු

 අපේ පරිඝනකයේ තියෙන දත්ත තව කෙනෙකුට ලබාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? උත්තරය තමයි USB මාර්ගයෙන්.. ඒකියන්නේ Pen එකක් හරි Memory Card එකක් හරි ගහලා දත්ත ලබා ගන්න පුළුවන්..

මේක සාමාන්‍යයෙන් වෙන්නේ අපේ පරිඝනකය කීපදෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව තියෙන කොට.. කාර්යාල වලදි, සමහර විට නිවසේදි වුනත් මේ දේ වෙන්න පුළුවන්..ඉතිං අද කියලා දෙන්නේ මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්.. එහෙමනං ඔන්න බලාගන්න..

MyUSBOnly මේක තමයි භාණ්ඩේ.. මේකෙන් USB Ports Password යොදා ආරක්ෂා කරන්නත්, USB Ports Disable කරන්නත් පුළුවන්..

මේකෙන් තව වාසියක් තියෙනවා, අපි දන්නේ නැහැ අපි නැති අතරේ ගහන  PenMemory, Card වල මොන Virus තියෙනවද කියලා.. ඉතිං ඒවට හානියක් කරන්න ලැබෙන්නෙත් නැහැ මේ ක්‍රමෙන්.. අපිට ඕන

Tuesday, November 01, 2011

Safely Remove Hardware Device Shortcut එකක් හදමු

USB එක ගැන Computer පාවිච්චි කරන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒ වගේ ම ඒකට සම්බන්ධ කරන දේවල්  ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. 
අපි අද කතා කරන්න යන්නේ USB වලට සම්බන්ධ කරන Pen Drives, Memory card Readers වල දත්ත (data) වල ආරක්ෂාවට කරන්න ඕන දෙයක් ගැන.. අපි Pen Drives, Memory card Readers Computer එකට සම්බන්ධ කරලා කරන්නෙ දත්ත (data) හුවමාරු කරන එක.. ඒකියන්නේ එක්කො ගන්නවා එක්කො දෙනවා.. 
ඉතිං ඔහොම කරලා අපි එක පාරටම Pen Drives, Memory card Readers USB Port එකෙන් ගලවලා ගත්තොත් මොකද වෙන්නෙ? අපේ දත්ත වලට හානි  (Data Corrupt) වෙන්න පුළුවන්. ඒක නිසයි හැම වෙලේම Safely Remove කරන්න ඕන.. 
ඒත් ගොඩක් අයට ඕක අමතක වෙනවා.. ඉතිං Safely Remove එක Shortcut එකක් විධියට desktop එකේ දාගෙන හිටියනම් වැඩෙත් ලේසියි, අමතක වෙන්නෙත් නැහැ.. 
එහෙනම් බලමු කොහොමද ඒක කරන්නෙ කියලා..

Monday, October 31, 2011

Windows7 හරියට Update කරන්න


ඔන්න අද කියලා දෙන්නේ වින්ඩෝස් 7 අප්ඩේට් කරන කොට මතක තියාගෙනම කරන්න ඕන දෙයක් ගැන.. 
අපි ගොඩක් අය ඉතිං පාවිච්චි කරන්නේ කවුරු හරි Crack කරලා අපිට එවන Softwareනේ.. අපිට ඉතිං කොහෙද නේ දාස් ගනන් සල්ලි Licence Copy ගන්න. 
ඉතිං Windows 7 එක දැම්ම්ට පස්සේ අපි ඒක Update කරාම Crack එක හැලිලා යනව නම් ඒකෙන් වෙන්නෙ වඳින්න ගිය දෙවාලේ ඔලුවෙ වැටුනා වගේ වැඩක්. 
ඒක හරියට කරගන්න පහල උපදෙස් සහ පිංතූරයේ විධියට කරන්න.. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ..

පහල තියෙන විධියට "KB971033" කියන Security Update එක Install කරන්න එපා, එහෙම කලොත් වෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන

Sunday, October 30, 2011

Facebook ආරක්ෂාව තර කරමු

ගොඩ කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා, ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා.. ඉතිං ඔන්න අද අරගෙන ආවා තමන්ගේ Facebook Account එක කොහොමද Hackersලා ගෙන් ආරක්ෂා කර ගන්නේ කියලා පොඩි ඉඟියක් කියලා දෙන්න, සමහර අයනම් මේක දන්නවා ඇති. මේ දන්නේ නැති අය වෙනුවෙන් තමයි. එහෙනම් ඔන්න මම පියවරවල් ටික පැහැදිලි කරලා දෙන්නම්.

1. මුලින්මAccount Setting යන්න.



2. දැන් Security එකට යන්න.


Thursday, October 20, 2011

XP Password එක අමතක උනාද? මෙන්න පිලියමක්..


අපි Windows වලට Log  වෙන කොට Password දානවනේ.. මම නම් දාන්නේ නැහැ.. ඒත් ගොඩ දෙනෙක්  Password දානවා.. ඉතිං ඔහොම වෙලාවක අපිට Password එක අමතක උනොත් මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි.. ඔන්න ඒකට පොඩි විසඳුමක් කියන්න තමයි මේ හදන්නේ.. හැබැයි මේක හරියන්නේ Windows ‍XP වලට විතරයි.. පොඩි පියවරවල් 4ක් විතරයි තියෙන්නේ..

1. අපි Computer එක Safe Mode එකෙන් Boot කරගන්න ඕන.. ඒක කරගන්නේ මෙහෙමයි Computer එක On කරපු වෙලාවේ ඉඳලා F8 Key එක ඔබ ඔබ ඉන්න. එතකොට ටික වෙලාවකින් Menu එකක් එයි. එතනින් Safe Mode තෝරලා Enter කරන්න.

Tuesday, October 18, 2011

Improve Windows XP Shutdown Speed - XP Shut Down වෙනවා Slowද?


Windows XPද පාවිච්චි කරන්නේ? Shut Down වෙන්න ගන්න වෙලාව ටිකක් වැඩි වගේ කියලා හිතෙනවද? මෙන්න මේක කරලා බලන්නකෝ.

Start එකට ගිහිල්ලා Run  select කරන්න.
'Regedit' කියලා Type කරලා ok කරන්න.
'HKEY_CURRENT_USER\Control Panel\Desktop\'  වෙත යන්න.
'WaitToKillAppTimeout'
select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.

Monday, October 17, 2011

Command Prompt එකෙන් Drives හංගමු



ඔන්න අදත් හංගන එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ.. මේකට කිසිම Software එකක් ඕන වෙන්නේ නැහැ.. ඕන වෙන්නේ Command Prompt එක විතරයි.. ඒක ඉතිං හැම Windows OS එකකම තියෙනවනේ.. අපිට පුළුවන් Command Prompt භාවිතයෙන් Hard Drives හංගන්න.. පොඩි Commands ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.. ගේමක් නැහැ.. එහෙනම් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා පියවරෙන් පියවර..

1. Taskbar එකේ තියෙන Start Menu එක Click කරලා Run එකට යන්න.
2. Run එකේ cmd කියලා ගහලා enter කරන්න. (දැන් Command Prompt එක open වෙයි)
3. දැන් Diskpart කියලා ගහලා Enter කරන්න.
4. ඊට පස්සේ List volume කියලා ගහලා Enter කරන්න.
5. දැන් මෙතනින් ඔයාලට හංගන්න ඕන Volume එක තෝරගන්න.

Sunday, October 16, 2011

How To Add Uninstall Option In Right Click Context Menu - Mouse Right click එකට Uninstall දාගමු

අද කියලා දෙන්න යන්නේ Wndows වලට දාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගැන.. මේක Windows XP / Vista / Windows 7 කියන පද්ධති වලට වැඩ කරනවා.. 
අපි සාමාන්‍යයෙන් අපි Windows වලට Install කරපු Program එකක් Uninstall කරන්න ඕන උනාම කරන්නේ එක්කෝ Start Menu එකෙන් ගිහිල්ලා අදාල Program එකේ Uninstall Option එක තියෙනවනම් ඒකෙන් Uninstall කරනවා.. එහෙම නැත්නම් Control Panel එකට ගිහිල්ලා ඒකේ Add Remove Programs වලින් අදාල Program එක තෝරලා Uninstall කරනවා.. 
මේ දෙකටම වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එහෙනම් ඔන්න අහ ගන්නකෝ.. මේක හරිම ලේසියි..

Saturday, October 15, 2011

ඔක්කොම Mobile Codes එකම තැනකින්..


දැන් සමාජයේ ජංගම දුරකථනයක් භාවිතා කරන අයෙක් කියන්නේ ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.. 
අපේ වත්තේ පොල් කඩන මනුස්සයට පොල් කඩන දවසට එන්න කියන්නෙත් එයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා.. හැබැයි මම දන්න විදියට ලංකාවේ 60%ක් විතර දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා සහ කෙටි පණිවිඩයක් යවනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.. 
මේ ලිපිය ඒ වගේ අය වෙනුවෙන් නම් නෙමෙයි.. 
තමන්ගේ ෆෝන් එක ටිකක් අතපත ගාලා ඒකේ තියෙන වැඩකෑලි හොයාගන්න කැමති අයට තමයි මේක.. 
මේකෙන් විවිධාකාර වූ ෆෝන් වර්ග 30ක Codes බලා ගන්න පුලුවන්.. Install කරන්න කිසි දෙයක් නැහැ.. නිකම්ම Open කරන්නයි

Thursday, October 13, 2011

Speed Dial - ගිනි නරියට පට්ට Bookmark එකක්


මම අද කියලා දෙන්න යන්නේ අළුත් Bookmark එකක් ගැන.. මේක පාවිච්චි කරන්න පුළුවන් ගිනි නරියත් එක්ක තමයි.. 
ගොඩක් අය නම් මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති.. මමත් සෑහෙන කලෙක ඉඳලා මේක පාවිච්චි කරනවා.. 
මේකේ නම Speed Dial.. 
මේක පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ මගේ Browser එක නම් හරිම පිලිවෙල උනා.. මට ඕන දේවල් හොයාගන්න හරිම පහසුයි.. 
අපිට ඕන Sites වෙනම Categories වලට  දාන්න පුළුවන්.. 
උදාහරනයක් විදියට Movies ගැන  තියෙන Site ටික අපිට Movies කියන Group එක යටතෙ දාන්න පුළුවන්.. 
අනිත් වැදගත්ම කාරනේ තමයි  හදිසියෙවත් අපි machine එක Format කරන්න උනොත් අපිට ඊට කලින් පුළුවන් මේක Save කරගන්න.. ආයේ ගිනිනරියා දැම්මම අපිට පුළුවන් ඒක Import කරගන්න.. ඒක කරන්නේ Addon වලට ගිහිල්ලා Speed Dial වල Option වල තියෙන Import

උපන් ලප හෙලි කරන රහස්



























Wednesday, October 12, 2011

TeraCopy 2.2 - ලේසියෙන්, වේගයෙන් කොපි කරන්න

 TeraCopy 2.2 කියන්නේ අපිට කොපි කරන්න පහසු කරන මෘදුකාංගයක්.. එහෙම කිව්වම හිතන්න එපා විභාග වලින් කොපි කරන එක කියලා.. මේ අපේ පරිඝනකෙ File කොපි කරන එක ගැන කියන්නේ.. 

ඉතිං ඔයාලා හිතනවා ඇති ඕකට මොකටද අමුතුවෙන් සොෆ්ට්වෙයාර්, කොහොමත් කොපි කරන්න පුළුවන්නේ කියලා.. හැබැයි මේක අපි කොපි කරන දෙවල් ගොඩක් වේගවත් කරලා දෙනවා.. 

මේක Buffer එක සකසලා Seek කාලය අඩු කිරීමෙන් තමයි මේ වේගය ලබාගන්නේ.. අපිට මෙය භාවිතා කරලා කොපි කරන එක නවත්තලා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්නත් පුළුවන්..

Tuesday, October 11, 2011

K-Lite Codec Pack 7.80 (Full)

The K-Lite Codec Pack is a collection of DirectShow filters, VFW/ACM codecs, and tools. Codecs and DirectShow filters are needed for encoding and decoding audio and video formats. The K-Lite Codec Pack is designed as a user-friendly solution for playing all your audio and movie files.
With the K-Lite Codec Pack you should be able to play all the popular audio and video formats and even several less common formats.
The K-Lite Codec Pack has a couple of major advantages compared to other codec packs:
  • It is updated frequently. So it is always up-to-date with the newest and/or best components.

Wednesday, October 05, 2011

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්


1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

Sunday, September 25, 2011

Add Some Useful Shortcuts To My Computer Right-click!


Shortcut කිව්වම කවුරුත් කැමතියිනේ Short cut වලට.. ඉතිං සමහර දේවල් වලට නම් Shortcut නැහැ.. මම අද කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම දාගන්න පුළුවන් Shortcut කීපයක් ගැන.. මේ Shortcut දාගන්න යන්නේ My Computer එක Right-click කරාම එන විදියට.. මම දන්නවා ගොඩක් අයට මේක වැදගත් වෙයි..

මේ රතු පාටින් පහල තියෙන ටික Notepad එකක කැමති නමකින් Save කරන්න. හැබැයි මතක ඇතුව Extention එක .reg කියලා Save කරන්න ඕන, දැන් ඒ File එක Double Click කරන්න. එච්චරයි.