Saturday, July 14, 2012

අවසර නැත මට.. ඔබෙ අත ගන්නට..

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත ..  කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .  එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ  පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...
 ඔහුගේ  දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු  සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම  තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත්  ගියේ නැත 
 පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය ..  උඩුමහලේ බැල්කනියට වී හුදකලාව  සිටි අතර   නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක්  ව්සින් ගායනා කල  මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය